හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී වුණා.
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස හැඳින්වෙන ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසුවුණා.
තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් වුණා.
ඒ මහතාගේ ව්‍යාපාරයන් යටතේ විශාල පිරිසකට රැකියා අවස්ථා ද උදාකර දී තිබෙනවා.
අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දීමට නියමිතයි.