ගාල්ලේ මුහුදු ගොඩ කරයි

ගාල්ලේ මුහුදු ගොඩ කරයි

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකි අතර ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ.

ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහ නගර සභාව,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ ද එම වාර්තාව ප්‍රදර්ශනය කිරීම සිදුවෙයි. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද එම වාර්තාව ලබාගත හැකිය.

ඒ සම්බන්ධයෙන් වන අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.