වකුගඩු රෝගීන්ගේ දීමනාව කප්පාදුවක් ගැන පළවෙන වාර්තා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පවසනවා.
වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජයේ තීරණය එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීම්ක් මේ දිනවල සිදුකරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවයි සඳහන් වෙන්නේ.