SL vs AUS දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ඉණිමක සහ ලකුණු 242ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.