GMOA වර්ජනය කල් දමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කර තිබෙනවා .

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ අද(4) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.