කළුතර උපකාරක පන්ති ගුරා යළි රිමාන්ඩ්
සිසුවියන් ට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා එල්ලවී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කළුතර ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින එම ගුරුවරයාව අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 23 වනදා දක්වා මෙලෙස යළි රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.
කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය එම නියෝගය නිකුත් කළාය.
සැකකරු කළුතර පදිංචි තිවංක ජයවික්‍රම නම් 30 හැවිරිදි අයෙකි.
නඩුව ජුනි 23 වනදා යළි කැඳවීමට නියමිතය.