මරණ දඬුවම ලැබූ අයෙකුත් මෙවර O/L විභාගයට
මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ එක් අයකු ඇතුළු පස් දෙනෙකු ද වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනෙකු ද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.
විභාගය සඳහා පෙනී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී හා වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස එම බන්ධනාගාරය තුළ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටින බව ද ඒකනායක මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි විභාගයන් සඳහා පෙනී සිටින රැඳවූවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ ගොස් ඇති බව ද එසේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක් දක්වන සියලු ම රැඳවූවන්ට අවශ්‍ය පහසුකම් බන්ධනාගාර තුළින් ලබා දී තිබීම ඔවුන් ඒ සඳහා යොමුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරට ත් පැවසීය.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (මැයි 29) සිට ජූනි මස 8 දින දක්වා පැවැත්වෙනු ඇත.