බරපතළ අර්බුදයක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්
මිලියන 828ක් පමණ මිනිසුන් ප්‍රමාණයක් සාගින්නේ නින්දට යන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි.
එය සමස්තයක් ලෙස ගත්කළ ලෝක ජනගහනයෙන් සියයට 10ක පමණ ප්‍රමාණයකි.
එලෙස සාගින්නේ සිටින පිරිස අතරින් සියයට 80ක ප්‍රමාණයක් කාලගුණ වෙනසේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල සිටින බවද එම වාර්තා පවසයි.
ඒ අතරිනුත් තුනෙන් දෙකක පිරිසක් කාන්තාවන් බව එම සංවිධානය පෙන්වාදෙයි.
මෙලෙස සාගින්නෙන් පෙලෙන ලෝකවාසීන් සංඛ්‍යාව වසරක් තුළ මිලියන 46කින් ඉහළගොස් තිබේ.
දීර්ඝ කාලයක් ප්‍රමාණවත් ආහාරවේලක් නොමැතිවීම සාගින්න ලෙස හඳුන්වන අතර එය දීර්ඝකාලීනව පැවතීම හරහා බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවෙයි.
විශේෂයෙන්ම මෙම තත්ත්වය කුඩා ළමුන්ගේ කායික සහ බුද්ධිමය වර්ධනයට බාධාවක් වනු ඇති.
එසේම 2019 සහ 2021 අතර කාලය තුළ ලොවපුරා ප්‍රමාණවත් පෝෂණයක් නොලබන සංඛ්‍යාව මිලියන 150කට වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇත.
යුද ගැටුම්, ගෝලීය කාලගුණ වෙනස, ආර්ථික කම්පනයන් සහ කොවිඩ් වසංගතය මෙයට හේතුවී තිබේ.
මේ අතර මෙම වාර්තාවලට අනුව ඌණ පෝෂණතාවක් සහිත වැඩිම ජනතාවක් සිටින්නේ ආසියාවේය.
2021 වසරේදී මෙලෙස සාගින්නෙන් පෙළෙන ආසියානුවන් සංඛ්‍යාව මිලියන 425කි.