මත්ද්‍රව්‍ය තොගයක් සමග කොටුවූ කාන්තාව

0

මත්ද්‍රව්‍ය රැසක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරකට අනුව එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 100ක්, කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 240ක් සහ මත්පෙති 900ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 67ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම කාන්තාව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *