දිනපතා බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගෙන්වයි…
බිත්තර ලක්ෂ 10 බැගින් දිනපතා ආනයනය කිරීමට කටයුතු කර සූදානම් කර ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එලෙස බිත්තර ආනයනය කරන්නේ වෙළෙඳපොළ අවශ්‍යතාවය මත බවත් දැනටම ඉන්දියාවෙන් විස්තර මිලියන විස්සක් ගෙන්වා ඇති බවත් සංස්ථාවේ සභාපති ආසිරි වනසුන්දර මහතා පැවසීය.
බේකරි, බිස්කට් කර්මාන්තශාලා, කේටරින් සේවා සහ ආපන ශාලා වෙත ආනයනික බිත්තර රුපියල් 35 ක මිලක් යටතේ නිකුත් කරන බව ද ඒ මහතා කියා සිටී.