නීති විරෝධී සංක්‍රමණ මඩින්න බ්‍රිතාන්‍ය සහය පතයි
පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු – පැසිෆික් කලාපීය අධ්යක්ෂ සහ ඉන්දියාවේ අධ්යක්ෂ බෙන් මෙලර් ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හමු වී ඇත.
ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසිය ද සම්බන්ධ කර ගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව ද ඇය මෙහිදී සඳහන් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හතර දෙනෙකු පිළිබඳව පොදු රාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු – පැසිෆික් කලාපීය අධ්යක්ෂ සහ ඉන්දියාවේ අධ්යක්ෂ බෙන් මෙලර් මහජන ආරක්ෂක ඇමතිවරයා දැනුවත් කළේ ය.
එහිදී ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔවුන් හතර දෙනා ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් බව ත් එම අවස්ථාවේදී පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බව ත් ය.
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත සංවරණය හා තුලනය විය යුතු බව ද නීතිය හා සාමය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ
.