සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබේ.

ඒ අනුව වන් වර්ල්ඩ් තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීනි කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථීක කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම අදාළ ගිවිසුමට අස්සන් තබා ඇත.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත වර්ග මීටර් 7,000ක තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ වර්ග මීටර් 1,250ක කොටසක් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහය විසින් සිය සාප්පු සංකීර්ණය සඳහා වෙන්කරගෙන තිබේ.

නුදුරේදීම එහි ඉදිකිරීම් ආරම්භ කෙරෙන අතර වසර අවසානයට පෙර එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ වරාය නගර කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *