රහීම් ගුවනින් හොරබඩු නිතර ගෙනෙන කෙනෙක්… ව්‍යාපාරිකයන්ගෙන් ලොකු ගෙවීම්…
රත්රන් සහ ජංගම දුරකතන නීති විරෝධී ආකාරයට ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒම දී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මීට පෙර ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඔහු කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මීට පෙරත් නීතිවිරෝධී ආකාරයෙන් රත්රන් ඇතුළු භාණ්ඩ රට තුළට ගෙනවිත් ඇතැයි ද තොරතුරු ලැබී ඇත.
මෙවර ඔහු රුපියල් කෝටි 7කට අධික රත්රන් හා ජංගම දුරකථන නීති විරෝධී ලෙස ගෙනවිත් ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ හෝ කණ්ඩායමක කොන්ත්‍රාත්තුවකට බවට තොරතුරු ලැබී ඇත.
එම භාණ්ඩ ගෙන ඒම සඳහා මන්ත්‍රීවරයාට එම ව්‍යාපාරිකයන්ගෙන් විශාල මුදලක් ලැබෙන බවටද හෙලි වී තිබේ.