චීනයෙන් ලැබුණු භූමිතෙල් ධීවර ජනතාවට නොමිලයේ බෙදාදීම හෙට

0

පසුගියදා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරජනතාව වෙත නොමිලයේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවර ජනතාව වෙත බෙදාදීම හෙට (23) පෙරවරු 08 ට පානදුර ධීවර වරායේදී සිදුකිරීමට නියමිතය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද ශ්‍රී ලංකා චීන තානාපති චී ෂෙන් හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරේ.

මෙහිදී භූමිතෙල් ඉන්ධන පාවිච්චි කරන බෝට්ටු 26,000 කට භූමිතෙල් ලීටර 150 බැගින් බෙදා දීමට කටයුතු සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *