ඉන්ධන සැපයුම ගැන රටටම අලුත් ආරංචියක්
සයිනොපෙක් සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර අද (22) අත්සන් කළ ගිවිසුම අනුව සයිනොපෙක් සමාගමට වසර 20ක කාලයක් සඳහා මේ දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මෙහෙයුම් කටයුතු සිදුකළ ඉන්ධන පිරවුම්හල් 150ක ක්‍රියාකාරීත්වය සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමට අවසර හිමිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමඟ ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සයිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය