ජෙරම් අල්ලන්න පොලිස් කණ්ඩායමක් ගුවන් තොටුපලේ.. ජෙරම්ගේ නීතීඥයන්ද සූදානම්..

0

බුද්ධාගම ඇතුළු සෙසු ආගම් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන ලද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපල වෙත පොලිස් නිලධාරීන් යොමු කර තිබේ.

සිංගප්පූරුවේ සංචාරයක් සඳහා ගොස් සිටි ඔහු අද දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව තම සමාජ ජාල ගිණුම් මගින් දන්වා ඇත.

ඔහුට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇති අතර එහිදී ඔහු වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා දැනටමත් නීතිඥ කණ්ඩායමක් සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *