උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ඇරඹෙයි
උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවයි.
ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති අතර එහි ඇගයීම් කටයතු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.