ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කිරීමට තැත් කළ ගිය තැරැව්කරුවන්9 දෙනෙකු අද (මැයි 19) උදෑසන වන විට ශ්‍රී ලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් අනුව එම පියවර ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000ක මුදලක් අය කර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර ඒ පිළිබඳව මාධ්‍ය මගින් ද පෙන්වා දී තිබිණි.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බුද්ධි අංශවලට මේ පිලිබදව වහා ම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ත් මෙසේ වංචනිකයන් සමග එකතු වී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිළිබඳව ද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *