පරණ අය ගෙදර යන්නත් පෙර අද පත් කරන නව ආණ්ඩුකාරවරුන් මෙන්න…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරුන් තිදෙනා වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් අද දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.
ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත් කෙරෙනු ඇති බවයි.
එම පලාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන ලද ජීවන් ත්‍යාගරාජා, අනුරාධා යහම්පත්, වසන්ත කරන්නාගොඩ ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කරන ලද්දේ 15 වන දායි.