වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ….

0

වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 16) නියම කර තිබේ.

පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි එම පෙත්සම ගොනුකර තිබිණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *