ඊලඟ දේශපාලන පෙරළියට හරීන් අතගසයි! “නිසි වෙලාව, වැඩපිළිවෙල ආවම එකට යනවා” – අලුත් ගමනක් ගැන සජබ ප්රබලයෙකු කියයි
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා.
පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බව ප්‍රකාශ කරන වඩිවේල් සුරේෂ් මහතා අපේ වෘත්තීය සමිති සභාපති හරීන් ප්‍රනාන්දු මහතා බවත් එහි මහ ලේකම් තමා බවත් එනිසා දෙන්නම එකම පැත්තේ සිටිය යුතු බවත් කියා සිටියා.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ ඊයේ(14) පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගී වූ අතර එහිදී මෙම අදහස් පළ කර තිබුණා.
එහිදී හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා සදහන් කළේ වඩිවේල් සුරේෂ් මහතා දැනට ඉන්නේ සජබෙ බවත් එහි කොච්චර කාලයක් සිටීවිද යන්න කිව නොහැකි බවත්ය.