හදිසි ජනාධිපතිවරණයකට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක්…

0

ජනාධිපති මැතිවරණයක් කැඳවීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට බලය ලබාදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානමින් සිටියි.

දැනට පවතින නීති අනුව ජනතා ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට නැවත ජනාධිපතිවරණයක් කැදවිය හැක්කේ ධුර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

නමුත් අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එම නීතිමය අවසරය හිමි නොවෙයි.

එනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කරන ජනාධිපතිට රනිල් වික්‍රමසිංහ මහතාට වසර හතරකින් ජනාධිපතිවරණය කැඳවීමට හැකිවන ලෙද ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිතය.

ඒ හරහා රනිල් වික්‍රමසිංහ මහතාට වසර හතරකින් ජනාධිපතියරණය කැදවීමේ අවස්ථාව ලබා දීමට ව්‍යවස්ථා සංශෝධන හරහා රජය බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *