වසර පහක් ලයිෂන් නොකල වාහන සියල්ල බ්ලැක් ලිස්ට්…
වසර පහක කාලයක් පුරා ආදායම් බලපත්ර ලබාගෙන නැති වාහන සඳහා ලියා පදිංචි කිරීම අත්හිටුවීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව එවන් වාහන වල දත්ත එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ වසර පහකට වැඩි කාලයක් ආදායම් බලපත්ර අලුත් නොකරන ලද වාහන සියල්ල ඒ අනුව අසාදු ලේඛන ගත වනු ඇති බවයි