තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද (06) පැවැත් වේ.

දෙවන එලිසබත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු බ්‍රිත්‍යානයේ රාජ්‍යත්වයට නම් කෙරුණු අතර රාජාභිෂේක මංගල්‍ය අද පැවැත්වීමට නියමිතය.

වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන මෙම උත්සවය සඳහා අමුත්තන් 2,000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව වර්තා වේ.

ඔවුන් අතර රාජ්‍ය නායකයින් සිය දෙනෙකු ද වන බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යක් පැවැත්වෙන්නේ වසර 70කට පසුවය.

1953 වසරේ දී චාල්ස් රජුගේ මව වන දෙවන එලිසබත් රැජිනගේ රාජාභිෂේක මංගල්‍ය පැවැත් විය.

ඒ සඳහා අමුත්තන් 8,000ක පිරිසක් සහභාගි වී තිබේ.

චාල්ස් රජු සහ රැජින බකිංහැම් මාළිගයේ සිට විශේෂිත රන් අලේපිත කරත්තයකින් වෙස්මිනිටර් ඇබේ වෙත පැමිණීමත් සමග රාජාභිෂේක මංගල්‍ය ආරම්භවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *