“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම අවසන් නිගමනයක් නෑ”
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹ නොමැති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ (මැයි 3) පැවසීය.
විවිධ පාර්ශවයන් විවිධ බිල්ලන් මවාපෑමේ කටයුත්තක නිරත වීම හේතුවෙන් සමාජය තුළ මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම කීය.
තවම ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිම කර ගෙන නොමැති බව ත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජනාධිපතිවරයා තම මතය පැහැදිලිව සඳහන් කර ඇති බව ත් ඔහු පැවසීය.
දේශීය තැන්පත්කරුවන්ට, අර්ථ සාධක අරමුදල් හිමියන්ට අවාසිදායක බලපෑමක් නොවන ආකාරයට උපාය මාර්ගික ක්‍රමවේද සකස් කර ගැනීම පිළිබඳව ඒ සඳහා පත් කර ඇති කමිටු කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවද සඳහන් කළේ ය.
“සේවක අර්ථසාධක අරමුදල් සම්පූර්ණයෙන් ම ඉවත් කරනවා, ස්ථාවර තැන්පතුවල තිබෙන මුදල් සියල්ල මුද්‍රාතබන්න රජය කටයුතු කරන බව ත් එලෙස තැන්පත් කර ඇති සියලු මුදල් ආණ්ඩුව කපා ගැනීමට කටයුතු කරනවා” යැයි ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.