“ඉදිරි වසර 5දී බදු බර සියයට 119කින් ඉහළට” – මහාචාර්ය වසන්ත අතුකෝරළ
ඉදිරි පස් වසර තුළ මෙරට රුපියලේ වටිනාකම පහළ ගොස් බදු බර සියයට එකසිය දහනවයකින් (119%) හා ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 13 සිට ලක්ෂ 19 දක්වා ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.
ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 19 දක්වා එසේ ඉහළ යාම අද පවතින ඒක පුද්ගල ණය ප්‍රමාණයට වඩා රුපියල් ලක්ෂ 6ට ආසන්න වැඩිවීමක් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
2022 හා 2028 කාලපරිච්ඡේදයේ මුදල්වල වටිනාකම සංසන්දනය කර බලන විට 2022 වසරේ රුපියල් 1,000ක වටිනාකම 2028 වන විට රුපියල් 567ක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2023 සිට 2028 දක්වා කාලපරිච්ඡේදය තුළ මෙරට ජනතාව මත සියයට 119න් බදු බර පැටවීම මෙහි භයානකම පැත්ත බව ද මහාචාර්යවරයා පැවසීය.
2022 වන විට මෙරට බදු බර රුපියල් බිලියන 27,871 බවත් 2028 වසර වන විට එම තත්ත්වය රුපියල් බිලියන 44,601 දක්වා වැඩි වනු ඇති බව ද ඔහු පැවසීය.
2020 වන විට රුපියල් 691,546 දක්වා පැවති මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය 2023 වන විට රුපියල් 1,336,942 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 2028 වසර වන විට එම සංඛ්‍යාව රුපියල් 1,930,796 දක්වා පරිවර්තනය වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ලංකාවේ ආර්ථිකය මේ වනවිට සම්පූර්ණයෙන් ම හසුරුවනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන නිර්දේශ මත බව ද ඒ මහතා සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගත් නමුත් එම නිර්දේශයන් හා එහි අන්තර්ගතය පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බැලීමේදී 2028 වන විට මෙරට ආර්ථිකය 2018දී පැවැති ආර්ථික මට්ටමට සමානතාවක් දක්වා පරිවර්තනය විය හැකි බව ද මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මහාචාර්යවරයා වැඩිදුරට ත් පැවසීය.
#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com