බදු ආදායම ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඌරාපොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව එහිදී සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව 89%ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව 64% ප්‍රමාණයක් උපයා ගෙන ඇති බව ය.