ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අද (මැයි 1) අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් අසනීප තත්ත්වයකින් පසු වී ඇති ඔහු මිය යන විට 84 වන වියේ පසු විය.
ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා මෙරට සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ට රංගධරයෙකි.
ඔහු 1939 වසරේ නොවැම්බර් මස 13 වන දා කිරුළපනදී උපත ලබා ඇත.
සිය සමීප මිතුරෙකු වූ සහ කීර්තිමත් නාට්‍යකරුවෙකු වන තිස්ස අබේසේකර විසින් 1961 වසරේදී ඔහුව කලා ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබ තිබේ.
සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වුණු ඔහු එම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ‘බෝඩිංකරයෝ’ වේදිකා නාට්‍යයෙන් සිය කලා දිවිය ආරම්භ කර ඇත.
අනතුරුව ඔහු වැලිකතර, කරුමක්කාරයෝ, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම ආදී සම්මානනීය සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇති අතර පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිස තිබේ.
එතැන් පටන් ඔහු දශක පහකට අධික කාලයක් මෙරට බිහි වූ ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇත.
#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com