රට පුරා සුරාසැල්, මස්-මාළු කඩ දින තුනක් වසා දමයි.
මෙම වෙසක් සතිය හේතුකරගෙන රටපුරා පිහිටි මත්පැන් අලෙවිසල් සහ මස් මාළු වෙළඳසැල් දින තුනක් වසා තැබීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදී ඇති 05 වනදාත් ඊට පසු දෙදිනත් මෙසේ සුරාසැල් සහ මස් මාළු අලෙවි සැල් වසා තබා ලැබෙනු ඇත.
ඒ අනුව ඉදිරි 05, 06, 07 තෙදින තුරුම සුරාසැල් සහ මස් මාංශ අලෙවි සැල් වසා තැබේ.