ෆවුසි ට විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.

සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම්දී තිබුණි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.

#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *