පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරය ඇරඹෙයි

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දින කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අද පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

මෙදින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.

එසේම අද (14) මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතයි.