ශ්‍රීපාද උඩමළුව සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක්, පිච්ච මල් යාර හත්දහසක්
ශ්‍රීපාද උඩමළුව සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක්, පිච්ච මල් යාර හත්දහසක්
2024–2025 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රීපාද උඩමළුව මල්වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් පවසති.
ඇස්තමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රීපාද උඩමළුව සැරසීම සඳහා යොදාගන්නා අතර එම මල්වලින් වැඩි ප්‍රමාණයක් නුවරඑළියෙන් මිල දී ගත් බව කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් සඳහන් කරති.
කොළඹ සිට එම මල් පෙති ශ්‍රීපාද උඩ මළුව දක්වා රැගෙන ගොස් (14) දින ශ්‍රීපාද උඩමළුව සැරිසිමට කටයුතු කරන බවත්මීට අමතරව ශ්‍රී පාද පද්මය සුවද පැණින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තම සමාගම විසින් ලබාදෙන බවත්, මෙය ශ්‍රී ලංකාවාසි සැමට ආශිර්වාද පතා සිදුකරන පිංකමක් බවයි එම ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
ශ්‍රි පාද උඩ මළුව මෙසේ තම සමාගම විසින් සැරිසිමට කටයුතු කරන 28 වන අවස්ථාව බව ඒ මහතුන් පවසයි.