නීතිඥ සංගමයේ නිලවරණයට නාමයෝජනා භාරගැනේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම ඊයේ දින සිදු කර තිබෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි.

ඒ අනුව පෙබරවාරි මස 19 වැනි දින එම මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් තරග කරනවා.