වනඅලි පලවා හැරීමේ මෙහෙයුම් ඇරඹෙයි
මාතලේ හපුගස්ලන්ද ප්රදේශයේ වගාවන් මෙන්ම දේපළ හානි කරමින් සැරි සැරූ වනඅලි රංචුවක් පලවා හැරීමේ කටයුතු ඊයේ (08) දින රාත්රියේ ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මාතලේ දිස්ත්රික් වන ජීවී නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් සහ මාතලේ මහවෙල පොලිසි ස්ථානයේ නිලධාරින්ද අලි පන්නා දැමීමේ මෙහෙයුමට එකතු වුණා.
මෙම මෙහෙයුම දින (5) පුරා එක දිගටම ම ක්රියාත්මක වන බව මාතලේ දිස්ත්රික් වනජීවී නිලධාරි නිශාන්ත මහතා සඳහන් කළා.
-චම්ලි බලල්ල-