පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව ගැටලු ගැන අගමැතිතුමියගේ අවධානය

හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලු පිළිබදව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු වුණා.

සනීපාරක්ෂක ගැටලුවලට විසදුම් ලබාදීම වෙනුවෙනුයි සාකච්ඡාව පැවැත්වුණේ.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂවරිය හා එහි නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා වු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4ක නියෝජිතයන් එම අවස්ථාවට එක්වුණා.