ගමේ දායකයන් ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාණෝ

අනුරාධපුර ගලෙන්බිදුණුවැව පලුගොල්ලාගම ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි ඇලපද්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ තම දායකයිට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවතින ආර්ථික අපහසුතාවයට යම් ප්‍රමාණයකින් හෝ රුකුලක්ව වන්නට ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය සඳහා තමාට හැකි පමණින් දායක වීමේ අරමුණින් උන්වහන්සේ වැඩ හිඳින ප්‍රදේශයේ පවුල් තුන්සීයකට පමණ පිරිසකට ප්‍රයෝජනය ගත හැකි පරිදි කරුවලගස්වැව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව ඥානරතන ස්වාමීන් වහන්සේ පවසති.

ඒ අනුව පසු ගිය (07) දින උදෑසන ගම්වාසීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා මහා සංඝරත්නය එක්ව කුඩා උත්සවයකින් අනතුරුව පුරාණයේ ගම්වල පැවති චාරිත්‍රානුකූල කටයුතු සිදුකිරීමෙන් පසු ුම් ඇති අතින් ගොඩක් ගහන්න සුභ මොහොතින් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩී.එම්.එස්.ජේ දිසානායක මහතා, ගලෙන්බිදුණුවැව රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් එක්ව ප්‍රදේශයේ සංඝරත්නයේ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

පාරම්පරික වැවක් වශයෙන් පවතින කරුවලගස්වැව වැව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තුවන වැවක් වන අතර මෙමගින් කුඹුරු අක්කර පනහකට වැඩි ප්‍රමාණයක් යල මහා දෙකන්න කුඹුරු කිරීමට හැකියාව තිබුණද වසර ගණනාවකින් පැවති කිසිදු රජයක් මගින් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවීම හේතුවෙන් සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් අක්කර 25කටත් අඩු ප්‍රමාණයක් මහ කන්නය සඳහා පමණක් කුඹුරු වගාව සිදු කිරීමට හැකිවීම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ගම්මානයේ විහාරස්ථ විහාරාධිපති වශයෙන් කණගාටුදායක තත්ත්වයෙන් පසුවූ බැවින් රටේ ජනතාවට වගකිවයුතු පාර්සයන් දෙස බලා හිඳීමෙන් ප්‍රතිඵලයක් නොමැති කම අවබෝධ කරගත් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නායකත්වය සහ මැදිහත්වීම මත උන්වහන්සේගේ හිතවත් දායකයෙකු වන දැනට ඇමරිකාවේ සේවයේ නියුතු සරත් ගුණවර්ධන මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක වියදමකින් මෙම වැවෙහි රොන්මඩ ඉවත්කොට වැව් බැම්ම නැවත සකස් කොට ප්‍රදේශවාසීන්ට ජලස්නානය සඳහා නාන මංකඩ සකස් කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව උන්වහන්සේ පවසයි.

ප්‍රතිසංස්කරණය කෙරෙන කරුවලගස්වැව වැවෙහි සියලුම සංවර්ධන කටයුතු උන්වහන්සේගේ නායකත්වය ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වය මතින් සිදුකළද වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අවශ්‍ය කරන තාක්ෂණය ගලෙන්බිදුණුවැව රාජ්‍ය ආයතනවල තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත සිදු කිරීම විශේෂත්වයක්.

වැව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එම ගම්මානයට පිවිසීමට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමද මෙහිදී ආරම්භ විය.

ඒ අනුව අනුරාධපුර යකල්ල මාර්ගයට පිවිසීමට ඇති ළඟ මහා කෙටිම විකල්ප මාර්ගයක් වන ධීවර ගම්මානය පලුගොල්ලාගම මාර්ගය අබලන්විම හේතුවෙන් පලුගොල්ලාගම ,කරුවලගස්වැව ,අලියා වැටුනවැව, වෙම්බුවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙනුවෙන් පවතින ගමනාගමන ගැටලු අවම කර ගැනීම සඳහා කිලෝමීටර් තුනකට ආසන්න ප්‍රමාණයක් මාර්ගය ප්‍රතිසංස්කරණය සිදු කෙරේන බව ගම්වාසීන් පවසති.

රටේ ජනතාව වෙනුවෙන් වගකිය යුතු පාර්ශ්ව ගණනාවක් තිබියදී, පවතින ගැටලු සඳහා මොහොතක ස්වාමින් වහන්සේ නමකගේ රාජකාරියට හා වගකීමට ඔබ්බට යමින් තම විහාරස්ථ දායක දායිකාවන් ට මෙන්ම ප්‍රදේශවාසීන් වෙනුවෙන් මෙවැනි කටයුතු සිදුකිරීම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් හා ගම්වාසීන් මෙවැනි ස්වාමීන් වහන්සේලා අගය කළ යුතු බව පවසන අතර මේ අයුරින්ම රටේ සෑම පාර්ශවයක්ම රට පිළිබඳව සිතන්නේ නම් අප රට මොනයම් තැනකට ගෙන යා හැකිද යන්න මෙම අවස්ථාවට පැමිණි කාගේත් අදහස හා මතය වු අතර මෙවැනි භික්ෂූන් වහන්සේලා අගය කල යුතු නොවේද

  • ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය