ගමනාගමන ගැටලු විසඳීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් වැඩපිළිවෙළක්

ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමය සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඊයේ (30) සවස ජාතික ගමනාගමන කොම්සමේ දී එහි නිලධාරීන් හා සියලු සේවකයන් හමු වූ අමාත්‍යවරයා එහි ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ විමසුමක් කර තිබෙනවා.

ඒ අතර, මඟීන්ගේ ගැටලු, බලපත්‍ර ගැටලු, සේවක ගැටලු, අවසරපත්‍ර ගැටලු, සමාගම් වලට ආදායම් බෙදී යාම පිළිබඳ ගැටලු, බස් සහ අනෙකුත් වාහන වල අමතර අලංකරණ ගැටලු, ආසන පටි පැළඳීම හා අනතුරු ආදී වශයෙන් ගැටලු රැසක් වුණා.

එම බොහෝ ගැටලු විසඳීමට අවශ්‍ය පියවර පිළිබඳව ද සාකච්ඡා කළ ඇමතිවරයා නැවත හමු වී ප්‍රගතිය විමසන බවත් ප්‍රකාශ කර තිබෙනවා

ජාතික ගමනාගමන කොමිසමේ සභාපති දිලීප විතාරණ මහතා ද මේ අවස්ථාවට සහභාගී වුණා.