කෙහෙළියට පාර්ලිමේන්තු එන්න අවස්ථාවක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාටද   පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

ඔහු මේ වනවිට බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර ඇත.

රඹුක්වැල්ල මහතා එම විවාදයට සහභාගිවීමට  කැමති නම් ඊට අවස්ථාව සලසා දීමට කටයුතු සලසාදිය  හැකි බවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතා පවසා ඇත.

කතානායක මහින්ද යාපා  අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ  අවසාන ඡන්ද විමසීමටද  කෙහෙළිය රඹුක්වැල්ල  මහතා පසුගියදා  සහභාගිවිය.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන විසි 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

බාල බෙහෙත් සිද්ධිය පිළිබඳ නඩු විභාගය අවසන් වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්  ලෝචනී  අබේවික්‍රම වීරසිංහ  මහත්මිය පසුගියදා නියෝග කළාය.