රජය වී මිලදී ගන්නා සහතික මිල මෙන්න

වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගන්නා වී සඳහා වන සහතික මිල ගණන් නිකුත් කර ඇති බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා.

කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහතින් දැක්වෙනවා,

නාඩු 1kg රුපියල් 120.00
සම්බා 1kg  රුපියල් 125.00
කීරි සම්බා 1kg රුපියල් 132.00