පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක්
![](https://epuwath.com/wp-content/uploads/2025/02/රිගණක-හදිසි-ප්‍රතිචාර-සංසදය.jpg)
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවයි.
සිය ලාංඡනය යොදාගෙන වංචනික දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාංඡනය ද යොදාගනිමින් පසුගිය දිනවල මෙවැනිම ආකාරයේ රැකියා පුරප්පාඩු පිළිබඳ දැන්වීම් පළ වූ බව වාර්තා වනවා.
මේ ආකාරයට රාජ්‍ය ලාංඡන යොදාගෙන පළ වන ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසන්නේ.
ව්‍යාජ වෙබ් අඩවිවලින් බොහෝ වෙලාවට ඔබගේ පෞද්ගලික ලිපිගොනු වන ජාතික හැඳුනුම්පතේ පිටපත්, ගුවන් ගමන් බලපත්‍ර පිටපත්, උප්පැන්න සහතික පිටපත් වැනි පෞද්ගලික තොරතුරු සොරාගැනීම් සිදු විය හැකි බැවින්, මොනම අවස්ථාවකවත් මෙවැනි වෙබ් අඩවිවලට පිවිස තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.