විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කරයි

ඊට අදාළ මහජන අදහස් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.
ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් අද මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර, ජනවාරි 03 වැනිදා සිට සෙසු පළාත් ආවරණය කරමින් ජනතා අදහස් ලබාගැනීමට නියමිතයි.
අනතුරුව සකස් කෙරෙන අවසන් තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.