ජනාධිපති ට්රම්ප් දිවුරුම් දීම හෙට
ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පදවිප්රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන්.
අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පදවි ප්රාප්තිය හෙට (20)ට යෙදී තිබෙනවා .
ඒ වොෂින්ටන් නුවර කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ දී යි.
සාම්ප්රදායිකව මෙම පදවිප්රාප්ති උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වේ.
කෙසේ නමුත් පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර පදවිප්රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබෙනවා .
මේ ස්ථානයේ 20,000කට අසුන් ගැනීමට හැකි බවයි .
මේ අතර පදවි ප්රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර තිබෙනවා.