ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව පළමු එක්දින තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දුවට පළමුවෙන් පහරදීමට තීරණය කර තිබෙනවා.

තරගය අද (12) අද පෙරවරු 10.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.