ශ්‍රි ලංකාවේ ආර්ථිකය සහ IMF මාවත
ශ්‍රි ලංකාවේ ආර්ථිකය සහ IMF මාවත
අපේ ආර්ථිකය තුළ සිදුවන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක්ද එසේ නැත්නම් හුදෙක්මූ ල්‍යකරණයක්ද? ආර්ථික අර්බුදය පුපුරා ගියේ 2022 මාර්තු මස 31 වැනිදාය. එනම් ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවස ගෘහණියන් විසින් වටලෑ දිනයේදීය. දැන් වසර තුනකට ආසන්නය. එහෙත් මෙතෙක් ජනාධිපතිවරු තිදෙනෙකි. ගෝඨාභය, රනිල් සහ
අනුර කුමාර; එමෙන්ම අගමැතිවරු සතර දෙනෙකි මහින්ද රනිල් දිනේෂ් සහ හරිනිය. කිසිවක් සිදුවි ඇද්ද?
වසර තුන පුරාම ආණ්ඩුව තුළත් පාර්ලිමේන්තුව තුළත් සමාජය තුළත් කතාබහට ලක් වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මිසක් නිෂ්පාදනය තුළින් රට ගොඩනැගීම ගැන නොවේ. නවතම ආණ්ඩුවටද දින සීයක් ගතවීමට ආසන්නය. එහෙත් නිෂ්පාදනය ශක්තිමත් කරලීම, වැඩිකරලීම වැඩිකරලීම වේගවත් කරගෙන ගැන කිසිදු කතිකාවක් නැත. නිෂ්පාදනය කරන ලද සහල් ටික සාධාරණ මිලකට විකිණීමට මේ වනතුරු අසමත් වී තිබේ. මේ අර්බුදයට සැබෑ හේතුව පාර්ලිමේන්තුව දන්නේවත් නැත.
මේ ලියන මොහොතේ ඝානා රාජ්‍යයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. ඒ අනුව බලයේ සිටි පක්ෂයේ උප ජනාධිපති මැතිවරණයෙන් පරාජය වී විපක්ෂයේ නායකයා ජනාධිපති වශයෙන් පත්වීී ඇත.
ජයග්‍රහණය කළ එම විපක්ෂ නායක කියා සිටියේ තමා බලයේ සිටි රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සංශෝධනය කරන බවයි. පරාජය වූ රජය සහ අයිඑම්එෆ් අතර ගිවිසුම තමා පිළිගන්නේ නැති බව නව ජනාධිපතිවරයා කියා සිටී.
මෙහිදී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් වඩාත් විපක්ෂ නායකයා වූ අනුර කුමාර දිසානායකත් දෙදෙනාම කියා සිටි කතාවයි. ඔවුන් දෙදෙනාම අයිඑම්එෆ් ගිවිසුම යළි සාකච්ඡාවට බඳුන් කොට සංශෝධනය කරන බව කියා සිටියේය.
එහෙත් දැන් සිදුවී තිබෙන්නේ අනුර කුමාර වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ එකඟතාවය ඒ ආකාරයටම පිළිගැනීමයි. ඒ ගිවිසුම අනුව 2028 සිට එනම් තවත් වසර තුනකින් ගත් විදේශ ණය ගෙවීම ආරම්භ කළ යුතුය. මෙම සහනය ලබා ගැනීමට පුරා වසර තුනක් ගත වී ඇත.
පරාජයට පත් වූ අපේ නිල විපක්ෂ නායකයා දැන් නගා ඇති ප්‍රශ්නය නම් වසර තුනකින් ගත් ණය ආපසු ගෙවීමට හැකි වන ආර්ථිකයක් ගොඩනැගිය හැකිද යන්නයි. අප මුලින්ම නැගුවේද එම ප්‍රශ්නයයි. අප නිෂ්පාදන ආර්ථිකයකට යනවාද වසර තුනක් ගත වී තාමත් ඊට සූදානමක්
පෙනෙන්නට නැත.
මෙම ප්‍රශ්නය අලුත් ප්‍රශ්නයක් නොවේ. 1978 – 2022 දක්වා වූ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව නිෂ්පාදනය සිදුවුවද ඉන්කොටසක් බදු වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබී නැත.
රුපියල් හිඟය සිදුවූයේ ඒ අනුවය. විදේශ විනිමයද වැඩි වී නැත. වසර 44 ක් පුරාවට අපනයනවලට වඩා ආනයන දෙගුණයකි.ඒ අනුව ඩොලර් මහ බැංකුවට ගලා ආවේ නැත ඒ අනුව තුළ අර්බුදයක් ඇතිවුණි
පුරා වසර හතළිස් හතක් තිස්සේ අසීමිත බදු සහන බදු සීමා බදු සමා ලබාදී රාජ්‍ය අංශය තුළ ප්‍රාග්ධනය කරා කිරීම වළක්වනු ලැබීය. අඩු මට්ටමක පවතින ජාතික ඉතිරි කිරීම් තුළින්ද ප්‍රාග
්ධනය ඒකරාශී වීම වළක්වාලනු ලැබීය. ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් සහ රුපියල් ගලා එම වළක්වාලනු ලැබීය. අවශ්‍ය වියදම් සඳහා ඩොලර් මෙන්ම රුපියල් ද සොයාගත්තේ ණය
තුළිනි. පොළී මුද්‍රණාලිලාගෙනි.
මෙම ශුද්ධ සත්‍යය පිළිනොගෙන රජයේ මුළු කාලය යොදවනු ලබන්නේ ණය ප්‍රති ව්‍යුහගත කිරීමටය. තව තවත් ද්වීපාර්ශක ණය ලබා ගැනීමටය. නව ජනාධිපති සති අන්තයේ ඉන්දියානු නායකයන් හමුවන්නේ සම්ප්‍රදායික හේතුවලට වඩා ණය ආධාර ලබා ගැනීමටය. ආපසු ඇරී ආ විගස නව ජනාධිපති මීළඟට යෑමට සූදානම් වන්නේ චීනයටය. ඉන් එහා යන්නට තිබෙන්නේ රුසියාවට පමණය. මන්දා ඇමරිකාව, යුරෝපය, කැනඩාව, ජපානය සමන්විත ගෝලීය උතුර ආර්ථික අර්බුදයකය. ඇමරිකාව හැරෙන්නට සෙසු සංවර්ධිත රටවල් සියල්ලම පසු වන්නේ සෘණ ආර්ථිකයන් තුළය.
අපේ ආර්ථිකය හදවත දැන් මූල්‍ය ක්ෂේත්‍රයයි. ආණ්ඩුවට මුදල් නැත. ජනතාව සතුව මුදල් නැත. මුදල් තිබෙන්නේ මූල්‍ය ධනපති ස්ථාය තුළය. සෙසු ස්ථරයන් යැපෙන්නේ මූල්‍ය ස්ථරය මතය. ඔවුන් නිෂ්පාදනයෙහි යෙදෙන්නේ නැත. ඔවුන් යෙදෙන්නේ ජාවාරම්වලය. අපේ ආර්ථිකය මූල්‍යකරණයට ලක් වී ඇතැයි අප කියන්නේ ඒ අනුවය. ඔවුහු ලාභ ලබති.
බදු නොගවති. බදු සහන සීමා සමා විඳිති. ආර්ථිකයේ සැබෑ අර්බුදය එයයි
Etta