සහල් ආනයනය කිරීමට ලබා දුන් කාලය හෙටින් අවසන්
සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර, ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ ආනයනය කර තිබුණා.
කෙසේ වෙතත් කාලය අවසන් වීමට සතියකට පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බවයි ආනයනකරුවන් පවසන්නේ.
රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර තිබූ අතර තවත් මෙට්‍රික් ටොන් 5200 ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.