පාරිභෝගික අධිකාරියේ වැටලීම් වලින් වෙළෙඳසැල්වලට මිලියන 207 ක දඩ
රුපියල් මිලියන 207 කට අධික දඩ මුදල් ප්‍රමාණයක් පසුගිය වසරේ සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසැල් සඳහා නියමකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව නඩු පැවරීම් 23,953 ක් සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් අදාළ දඩ මුදල් නියම කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබානොදීම, තොග සඟවා තබාගැනීම, විධිමත් බිල්පතක් ලබානොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත උල්ලංඝණය කරමින් වෙළෙඳුන් විසින් සිදුකරන ලද වැරදි සඳහා දඩ නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් කර ඇත්තේ සහල් සම්බන්ධව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.