යළි සහල් හිඟයකට ඉඩක් නොමැති බවට ජනපතිගෙන් සහතිකයක්
එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ (19) පස්වරුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ අබාධිත ජනතාව ඇතුළු පාර්ශ්ව රැසකට සහන ලබාදීමට සැලසුම් කර ඇති බව යි .
ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසනයේ පාක්ෂික හමුවක් ඊයේ පස්වරුවේ හොරණ පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී යි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“අවුරුදු කීයටද ආණ්ඩුව හදලා තියෙන්නේ. අවුරුදු 5කට. එහෙම නම් අපිට යන්න තියෙන දුර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ පරාජය වුණාට පස්සේ ඒ කණ්ඩායම් පොඩ්ඩක් කෑ ගහනවා. හැබැයි පොඩි කාලයයි. දැනුත් කට්ටිය කෑ ගහනවා ආණ්ඩුව ස්ථාවර වෙන්න කලින් ඒක අවුල් කරන්න පුළුවන් ද ? වට්ටන්න පුළුවන් කියලා. අපි ඒ අයට කියනවා හැමකෙනාටම හීන දකින්න අයිතිය තියෙනවා.”