ශකිබ් අල්-හසන්ගේ පන්දු යැවීම අත්හිටුවයි

ශකිබ් අල්-හසන්ගේ පන්දු යැවීම අත්හිටුවයි

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ශකිබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතු බවයි.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලියයේ  ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර පසුගිය තරග දෙකේදී ම පන්දු යැව්වේ නැත.