භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ලබන 15

රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ලබන 15 වනදා පැවැත්වෙන බව වාර්තා වනවා.

දින 91 ක් කල්පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත් , දින 182 න් කල්පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල්පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාරගාර බිල්පත් මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ලබන  17 වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.