අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙක් පළායයි

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙක් හම්බන්තොට මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතරදී, බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බවට හම්බන්තොට පොලිසිය පවසයි.
පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙක් වන අතර ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව පොලිසිය පවසයි .
පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරින් හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර පොලිසි සමඟ එක්ව පරීක්ෂණ පවත්වති .